දේශීය

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

‍ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබේ.

 

අදාළ අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවුඩයක් යොමුකරමින් දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රට වැසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමග අත්වැල් බැදගෙන සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

 

අනතුරින් මියගිය සියලුදෙනාගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය බලවත් ශෝකය පළකළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

 

අපේක්ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණ දීමට ඉන්දීය රජයට ශක්තිය, ධෛරය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංමහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය 03ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 288දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 803දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය

Related posts

බ්‍රිගේඩියර්වරුන් 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

අනිද්දා සිට කොළඹට පැමිණෙන බස් රථ නවත්වන ස්ථාන මෙන්න

Mohamed Dilsad

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment