දේශීය

රේගු කරුණු ගැන අවබෝධතා ගිවිසුමක්

ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා රේගුව අතර රේගු කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ.

 

ලෝක රේගු සංවිධානයේ ආසියා පැෆිපික් සමුළුවට සමඟාමීව මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි සඳහන්ය.

 

අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ රේගු කරුණු වලට අදාල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම, ප්‍රවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වෙළෙඳ පහසුකම් සැපයීම වනවා.

 

එමෙන්ම නියමිත රේගු බදු සහ අනිකුත් බදු එකතු කිරීම සහ තහනම් කරන ලද භාණ්ඩ ගෙන යාම නතර කිරීම ඇතුළු කරුණු රැසක් ද ඊට ඇතුළත්ය.

 

තහනම් භාණ්ඩ එහාමෙහා රැගෙන යාම පිළිබඳ සහ පාර්ශවකරුවන්ගේ රේගු නීතිරීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳ කාර්යක්ෂමව තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම අවබොධතා ගිවිසුම හරහා හැකි වන බව සඳහන්ය.

 

එමෙන්ම තාක්ෂණික භාණ්ඩ හුවමාරු කර ගැනීමට ද මෙම ගිවිසුම ඉවහල් වනු ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය.

 

 

Related posts

මාලිමාවට බලය හිමි, පදියතලාව සභාවේ අය-වැය පරාදයි

Editor O

සටන් විරාම නැහැ : හමුදා මෙහෙයුම් අඛණ්ඩව – ඉරානයෙන් ප්‍රකාශයක්

Editor O

දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment