දේශීය

චීන ජාතිකයා ගැන නීතිපති අධිකරණයට කළ දැනුම්දීම

පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් චීන ජාතිකයා එරට විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

 

තමන්ව චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම දැනුම් දීම සිදුකළේය.

 

මේ අතර අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත් චීන ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේය.

Related posts

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි – අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට

Mohamed Dilsad

ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි ඩයනාට ගමගේට එරෙහිව නඩුවක්

Editor O

පාර්ලිමේන්තුවේ කතානායකගේ කාර්යාල කාමරයට නාගයෙක් ඇවිත්….!

Editor O

Leave a Comment