දේශීය

සාමාන්‍ය පෙළ සිසුන් 6ක් අත්අඩංගුවට

කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අරණායක පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව එම සිසුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ ජල යෝජනා ක්‍රමය පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අතර ඊට දින දෙකකට පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණි.

 

මෙම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා වීමත් සමග අරණායක පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

 

ඒ අනුව ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකුගෙන් අරණායක පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණි.

 

එම පාසල් සිසුන් 06දෙනා ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බව සඳහන්ය.

 

සිදුකරන විමර්ශනවලින් අනතුරුව අදාළ සිද්ධියට එම සිසුන් සම්බන්ධ වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුව ගෙන තිබේ

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය සාකච්ඡාව නවදිල්ලි නුවරදී

Mohamed Dilsad

Leave a Comment