දේශීය

ආගමික නිදහස ආරක්ෂා කිරීමට නව පනතක්

ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

 

පසුගිය දා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් බවද විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,

 

“මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට

Related posts

සෞදි විදේශ ඇමති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment