දේශීය

අද සිට ඉහළ යන දුරකථන සේවා ගාස්තු

(UTV | කොළඹ) – අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට නියමිතය.

එමෙන්ම අද සිට මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ඉහළ දැමෙන බව දුරකථන සමාගම් දැනුම් දී තිබේ.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධනයත් සමග මෙලෙස දුරකථන ගාස්තු ඉහළ දමා ඇති බව සඳහන්ය.

සංශෝධිත අයවැය මගින් සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15ක් දක්වා ඉහළ දැමුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කළේ, එම මිල වැඩිකිරීම හමුවේ සිය ආයතන මගින් පාරිභෝගිකයාට සේවා සැපයීම දැඩි අර්බුදයකට ලක්වන බවය.

Related posts

ජනතාවගේ දැඩි විරෝධය හමුවේ පනත් කෙටුම්පත් තුනක් තාවකාලිකව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවෙයි

Editor O

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

Mohamed Dilsad

ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ මතය එළියට

Editor O

Leave a Comment