දේශීය

රැඳවියෙකු වහලය මත නැග විරෝධතාවයක

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

 

වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් අදාළ රැඳවියා ඊයේ (27) උදෑසන සිට එම විරෝධතාවය ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇති එම සැකකරු මීට පෙර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු බව සඳහන්ය.

 

විනය හේතූන් මත අදාළ රැඳවියා යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

සුවය ලැබූ අය 34000 ඉක්මවයි

Mohamed Dilsad

නව අධ්‍යාපන නාලිකාව ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment