දේශීය

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

 

ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

 

1940 වසරේ සැප්තැම්බර් 20වනදා උපත දල ඒ මහතා මහනුවර ධර්මාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

 

අභවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 

 

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment