දේශීය

17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර

කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

 

ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ දී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවටම ගමන් ගත් වෑන් රථයක් ගැටී අනතුර සිදුව ඇත.

 

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි සුංගාවිල, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

 

අනතුර සිදුකළ වෑන් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබයි.

Related posts

විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment