දේශීය

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රියදුරාටත් ප්‍රහාරයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

 

එහිදී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

 

ඊයේ (26) රාත්‍රී 10.00 පමණ එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර, පැල්පොළ ප්‍රදේශයේදීය.

 

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් කන්ටේනර් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී එම අනතුර සිදුව තිබුණි.

 

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වෙයි.

 

අනතුරින් පසු වහා ක්‍රියාත්මක වූ ගැලනිගම පොලිස් ස්ථායේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාලකරුවන්ව කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

 

අනතුර සිදුවූ අවස්ථාවේදී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කන්ටේනර් රථයේ රියදුරාට පහරදීමත් සමග සෙසු මගින්ද ඔහුට පහරදී ඇතැයි පොලීසිය පැවසීය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතගේ බෑනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙයි.

Editor O

දේශබන්දු, පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවයි.

Editor O

අලුත් පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේ වැඩසටහන ගැන පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment