දේශීය

ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ අදත්

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද (27) දිනයේත් සිදුකරීමට නියමිතව තිබේ.

 

මෙම කටයුතු පසුගිය සතියේදී ආරම්භ වූ අතර පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව රැස් වී ඇති බව සඳහන් ය.

 

මැතිවරණ කොමිසම, සීමානීර්ණ කොමිසම, ජාතික පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා 10ක් සඳහා සාමාජිකයින් පත්කිරීමට අදාළ අයදුම් පත් කැඳවීම පසුගිය දා සිදු කෙරුණි.

 

ඒ අනුව ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 2,000කට ආසන්න බව වාර්තා වේ.

 

ලැබී තිබූ මෙම අයදුම්පත් වෙන වෙනම කාණ්ඩ යටතට පත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සඳහා පුද්ගලයින් කැඳවා තිබේ.

 

මේ අතර පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාළ නාම ලේඛනය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 5000 ඉක්මවයි

Mohamed Dilsad

නිවෙස්වල භාවිතා කරන ශීතකරණ සහ වායුසමීකරණ ගැන විශේෂ අනාවරණයක්

Editor O

Leave a Comment