දේශීය

IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඔහු පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකය ගෙවීමට පියවර ගත් බවය.

 

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදල, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ අතර ඉන් කොටසක් මෙලෙස ඉන්දීය ණය වාරිකය සඳහා ගෙවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Related posts

විෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

තවත් පුද්ගලයින් 290,615 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

කොවිඩ් අරමුදල රුපියල් මිලියන 1621 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment