දේශීය

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

කඩවත, රාගම පාර, කඩවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක තෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (21) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පැවසීය.

 

එසේ මියගොස් ඇත්තේ, 60 හැවිරිදි ඉහළ කරගහමුල, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු එම හෝටලයේ නවාතැන්ගෙන සිය ඇති අතර එම පුද්ගලයා තනිවම මත්පැන් පානය කරමින් සිට ඇත.

 

ඔහු නවාතැන්ගෙන සිටි කාමරය පසුපස බැල්කනියෙන් ඇද වැටීමෙන් මරණය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

මන්ත්‍රී රාසමානික්කම්ට කොවිඩ්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

Editor O

Leave a Comment