දේශීය

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

කඩවත, රාගම පාර, කඩවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක තෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (21) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පැවසීය.

 

එසේ මියගොස් ඇත්තේ, 60 හැවිරිදි ඉහළ කරගහමුල, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු එම හෝටලයේ නවාතැන්ගෙන සිය ඇති අතර එම පුද්ගලයා තනිවම මත්පැන් පානය කරමින් සිට ඇත.

 

ඔහු නවාතැන්ගෙන සිටි කාමරය පසුපස බැල්කනියෙන් ඇද වැටීමෙන් මරණය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

Mohamed Dilsad

තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර යයි

Mohamed Dilsad

Leave a Comment