දේශීය

මොරටුවේ කුඩු රැජින අත්අඩංගුවට

විදේශගතව සිට රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රත්මලානේ දේවින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන හවුල්කාරියක් ලෙස සැලකෙන කාන්තාවක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇය “මොරටුවේ කුඩු රැජින” ලෙස හැඳින්වෙන බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

 

මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 49 හැවිරිදි එම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

 

එහි දී හෙරොයින් ග්‍රෑම් 05.250ක්ද ඇය සන්තකයේ තිබී හමුවිය.

 

 

Related posts

විදේශ අමාත්‍ය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

Mohamed Dilsad

හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment