දේශීය

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

 

2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුව ද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරුණි.

 

කෙසේවුව ද පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව තිබේ.

 

එහෙත් ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ.

 

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිතය.

 

ප්‍රමාද වී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් නිල කාලය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

 

මේ අතර නිල කාලය අවසන් වීම හේතුවෙන් සියලු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපල යළි රජයට බාරදෙන ලෙස දැනුම් දී තිබේ.

Related posts

රථ වාහන ලීසිං පහසුකම් පිළිබඳ මහ බැංකුව ගත් තීරණය

Editor O

කොළඹ සිට තලේමන්නාරම දක්වා දුම්රිය ධාවනය කලකට පසු ඇරඹේ.

Editor O

පූජිත් – හේමසිරි යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment