ක්‍රීඩා

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතක වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් සමත්විය.

 

කේන් විලියම්සන් ලකුණු 215ක් ලබා ගැනීමට සමත් වූ අතර හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තේය.

 

එම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉනිමකදී නිකොල්ස් විසින් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

 

තරගයේ සිය පළමු ඉනිම අත්හිටුවන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 580කි.

 

එම ඉනිම වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ද ලකුණු 78ක් ලබා ගත්තේය.

 

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2ක් සහ ධනංජය ද සිල්වා හා ප්‍රභාත් ජයසුරිය එක් කඩුල්ල බැගින් බිඳදැමීය.

Related posts

කණ්ඩායම පැමිණෙයි

Mohamed Dilsad

සොලොසානෝ වෙනුවට හෝප්

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment