දේශීය

ලිස්ටීරියා බැක්ටීරියාව ගැන ජනතාව දැනුවත් කෙරේ

ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගතවී ඇතැයි සැක කෙරෙන රෝගියෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

 

රත්නපුර එරත්න ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳසැළක කාන්තාවක් මෙම බැක්ටීරියාව ශරීරගතවී රෝගීවීමෙන් මියයාමත් සමග සිරිපා කරුණා කරන මාර්ග කිහිපයේම වෙළඳසැල් පරීක්ෂාවට සෞඛ්‍ය අංශ අදත් පියවර ගෙන තිබුණි.

 

මේ අතර සිරිපා කරුණා කළ සැදැහැවතුන් කිහිපදෙනෙකුම ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පසුගිය දින කිහිපයේ සංසරණය වුණි.

 

එවන් පසුබිමක් තුළ හැටන් ශ්‍රී පාද මාර්ගයේ ද වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සාම්පල ලබාගැනීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළේය.

 

සබරගමුව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පලාබද්දල සිරිපා මාර්ගයේ අලෙවිසැල් සහ ආපනශාලා ද අද පරීක්ෂාවට ලක්කෙරුණු බවය.

 

ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගතවීමෙන් රෝගීවූ බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තාවුණත් ඒ පිළිබඳ මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

එම අංශය පෙන්වා දෙන්නේ අදාළ රෝගී තත්ත්වය වැළඳුණු බවට මේ දක්වා තහවුරු වී ඇත්තේ එරත්න ප්‍රදේශයේ මියගිය කාන්තාවට පමණක් බවය.

 

Related posts

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

පිටකොටුවේ තොග වෙ⁣ළෙඳසැල් කීපයක් හෙට විවෘතයි

Mohamed Dilsad

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment