දේශීය

මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

 

එහිදි පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන තිබේ.

 

රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි.

 

අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්දා පත්කෙරේ

Mohamed Dilsad

පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ

Mohamed Dilsad

අනුරාධපුරයට වැසි

Mohamed Dilsad

Leave a Comment