දේශීය

අනුරාධපුරයට වැසි

අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්ත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැළුණු බවට වාර්තා වෙයි.

 

පසුගිය මාස කීපයක් පුරා වැසි නොමැති වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පැවති දැඩි නියං කාළගුණක් පැවති අතර, ඒ හේතුවෙන් කුඩා පරිමාණ වැව් රැසක් සිඳී ගොස් තිබිණි.

 

දිස්ත්‍රික්කය පුරා පරිසර උෂ්ණත්වය ද ඉහළ අගයක් ගෙන තිබුණු අතර, ඊයේ වැටුණු වර්ෂාව හේතුවෙන් පරිසරයේ වෙනස් වී පක්ෂීන් ඇතුළු සතුන් එහි සතුට විඳි බව ද සඳහන්ය.

 

අද දිනයේ ද අනුරාධපුරයට වැසි බර කාලගුණයක් දිස්වන බව අප වාර්තාකරු පැවසීය.

 

මේ අතර, වර්ෂාවත් සමඟ ගොවිතැන් පිළිබඳ නැවත බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ද ගොවි ජනතාව පවසා ඇත.

Related posts

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම අද සිට

Mohamed Dilsad

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment