දේශීය

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

‍තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරුණි.

 

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පවත්වාගෙන යාම සඳහා නියමයන් නිකුත් කර තිබේ.

 

මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

 

 

Related posts

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

Mohamed Dilsad

අම්ෆන් සුළිකුණාටුව තවත් ප්‍රචණ්ඩ වෙයි

Mohamed Dilsad

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

Leave a Comment