දේශීය

වෑන් රථයක ගැටී පියෙක් සහ දියණියක් මරුට

කටුගස්තොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

මාර්ගයේ ගමන් කළ පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය මාර්ගයේදී ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරට ලක්වී ඇත.

 

අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණියයි.

 

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ අතර වත්තල, හැදල ඇලකන්ද මාර්ගයේ ධාවන වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදූ අනතුරකින් 23 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

 

එහි ගමන්කළ කාන්තාවක් ද බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ පැමිණිලි කිරීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අධිකරණයෙන් වරදකරු කරයි : වන්දි ගෙවන්නත් වෙයි

Editor O

Leave a Comment