දේශීය

අමෙරිකාව හඳුනානොගත් තවත් යානයක් බිම හෙළයි

ඇලස්කාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ හඳුනා නොගත් නියමුවන් රහිත ගුවන්යානයක් වෙඩිතබා බිම හෙළීමට අමෙරිකානු ආරක්ෂ අංශ පියවර ගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

 

ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බ් ප්‍රකාශ කර ඇත්තේ කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ මෙම හඳුනා නොගත් වස්තුව ඇලස්කාවට කඩාවැටී ඇති බවය.

 

විදෙස් වාර්තා සඳහන් කළේ අමෙරිකානු ගුවන් සීමාව තුළ පවතින ඕනෑම හඳුනානොගත් වස්තූන් බිම හෙළීමට ජනාධිපති ජෝ බයිඩන් නියෝග කර ඇති බවය.

 

පසුගියදා එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළින් පැවති චීන බැලුනයක්ද විනාශ කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

Related posts

කොරෝනා මර්දන වියදම බිලියන 110 – දෛනික PCR සඳහා මිලියන 100 ක්

Mohamed Dilsad

විදෙස් ගත ශ්‍රමිකයන් ගැන සොයා බැලීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක්

Editor O

Leave a Comment