දේශීය

හෙට වෛද්‍ය වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

 

එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පැවසුවේ 09 වනදා උදෑසන 8.00 දක්වා එය ක්‍රියාත්මක බවය.

 

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පවසයි.

Related posts

විදේශිකයන්ට හෙට සිට තාවකාලිකව වීසා අත්හිටුවයි

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment