දේශීය

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරීම කල්යයි

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

 

පසුගිය සතිය තුළ ලැබී ඇති ඉල්ලුම්පත්වලට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල් යනු ඇති බව සඳහන් වෙයි.

 

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොමිෂන් සභා සඳහා අයදුම්පත් දෙදහසක් පමණ ලැබී තිබීමය.

 

එමෙන්ම ඇතැම් අපේක්ෂකයන් කොමිෂන් සභා කිහිපයකට අයදුම්පත්‍ර යොමු කර තිබීම ද මෙම ප්‍රමාදයට හේතු වී තිබේ.

 

ඇතැම් අපේෂකයින් සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් එම පිරිස් වෙන වෙනම ලැයිස්තු ගත කිරීමට ද පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 

මෙම තත්ත්වයන් මත සාමාජිකයින් තෝරා ගැනීම සංකීර්ණ වී ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට නොහැකිනම්, ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූ දේ රටට හෙළි කළ යුතුයි. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

සති දෙකෙන් පුංචි ඡන්දට විසදුමක්

Mohamed Dilsad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු, බදු පහත හෙළනු – කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

Editor O

Leave a Comment