දේශීය

පොලිස්පති තනතුර කාටද ?

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මෙම මස 20 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

 

ඒ අනුව ඒ මහතා පසුගිය දා විශ්‍රාම ගැනීමට අදාළ ලිපි ගොනු ද භාර දී ඇති බව සඳහන් වෙයි.

 

කෙසේවෙතත් රජයේ ඇතැම් පාර්ශව ප්‍රකාශ කර ඇත්තේ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම වඩාත් සුදුසු බවය.

 

ඒ අනුව ඉදිරි සතිය තුළ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

 

මේ අතර වත්මන් පොලිස්පතිවරයාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව පොලිස්පති තනතුර සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇත.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, අජිත් රෝහණ යන මහත්වරුන් පොලිස්පති තනතුර සඳහා සුදුකම් ලබා සිටී.

 

කෙසේවෙතත් මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තුන්කොන් තරගයක් ද පොලිස්පති තනතුර සඳහා ඇති වී තිබේ.

 

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමේ සූදානමක් ද පවතී.

 

යම් හෙයකින් ඔහු එම තනතුරට පත් කලහොත් පොලිස්පති ධුරය සඳහා එය අමතර සුදුසුකමක් ද වනු ඇති.

 

 

Related posts

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

Mohamed Dilsad

සියළුම මගී ගුවන් යාන සහ නෞකා රට තුළට ඒම නවතයි[RELEASE]

Mohamed Dilsad

Leave a Comment