දේශීය

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරීම කල්යයි

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

 

පසුගිය සතිය තුළ ලැබී ඇති ඉල්ලුම්පත්වලට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල් යනු ඇති බව සඳහන් වෙයි.

 

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොමිෂන් සභා සඳහා අයදුම්පත් දෙදහසක් පමණ ලැබී තිබීමය.

 

එමෙන්ම ඇතැම් අපේක්ෂකයන් කොමිෂන් සභා කිහිපයකට අයදුම්පත්‍ර යොමු කර තිබීම ද මෙම ප්‍රමාදයට හේතු වී තිබේ.

 

ඇතැම් අපේෂකයින් සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් එම පිරිස් වෙන වෙනම ලැයිස්තු ගත කිරීමට ද පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 

මෙම තත්ත්වයන් මත සාමාජිකයින් තෝරා ගැනීම සංකීර්ණ වී ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් සියයට 68% ක් ඉටු කර නැහැ.

Editor O

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක්…!

Editor O

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Editor O

Leave a Comment