දේශීය

මහනුවර සිට මහියංගනය ට යන පිරිසට විකල්ප මාර්ග

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය ඊයේ (04) තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබුණි.

 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

 

මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

 

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

 

මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වන වාහන තැන්නෙකුඹුර ඔරලෝසු කණුව හන්දිය අසලින් රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට හැරී බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකිය.

 

මේ අතර මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු අද උදෑසන සිදුකරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව එම මධ්‍යස්ථානය පැවසීය.

 

අදාළ ප්‍රදේශය නිරන්තරයෙන් පස්කඳු කඩා වැටීම් සහ නායයාම් සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ද අද දිනයේදී පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

Related posts

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment