දේශීය

ප්‍රදේශ රැසකට වැසි

අද (05) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

 

උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Editor O

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත : කැබිනට් පත්‍රිකාව අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment