දේශීය

තරුණියකගේ සිරුරක් හමුවෙයි

මීට දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියකගේ සිරුරක් අද (04) උදෑසන මුහුදු වෙරළට ගොඩගසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

 

බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි එම තරුණිය පසුගිය 02 වනදා සිට අතුරුදන්වී ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් බේරුවල පොලීසියට පැමිණිලි කර තිබුණි.

 

CCTV පරීක්ෂා කිරීමේදී ඇය ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරන අයුරු නිරීක්ෂණය වී තිබුණ ද ඉන් අනතුරුව ඇය පිළිබඳ කිසිදු තොරතුරක් හමුවී නොමැත.

 

ඒ අනුව අද උදෑසන ඇයගේ සිරුර බේරුවල මරදාන ලෙල්ලම ධීවර වරායට ආසන්න මුහුදේ තිබී වෙරළ ප්‍රදේශයට ගොඩගසා තිබේ.

 

ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය යම්කිසි මානසික ආබාධයකින් සිට ඇති බවට දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇති බවද වාර්තා වෙයි.

Related posts

සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

Mohamed Dilsad

චීන ජාතිකයින් විසින් ලාංකික සිසුන්ට පරිත්‍යාගයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන අසත්‍ය ප්‍රචාර[RELEASE]

Mohamed Dilsad

Leave a Comment