දේශීය

පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 02 සිට පැය 24ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, කඩුවෙල නගරය සහ අවට, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට අද පස්වරු 02 සිට ඉරිදා පස්වරු 02 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දන්වා ඇත.

 

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

 

මේ අතර වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා තාවකාලිකව වසා තබන බව පොලිස් මූලස්ථානය පවසයි.

 

පොලීසිය සඳහන් කළේ භූගත ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් මෙම මාර්ගය වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවය.

Related posts

සජබ සහ එජාප ආතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

දෙබරු දෂ්ට කළ දරුවා මියයයි

Mohamed Dilsad

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්

Editor O

Leave a Comment