දේශීය

දෙබරු දෂ්ට කළ දරුවා මියයයි

දෙබර දෂ්ට කිරීමකට ලක්වීමෙන් 12 හැවිරිදි දරුවෙකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

 

ඊයේ (02) මෙම දරුවා මිතුරෙකු සමග සියඹලා කැඩීමට යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත.

 

උහන කුමාරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ දරුවා දෙබර දෂ්ට කිරීමෙන් පසුව අම්පාර රෝහලට ඇතුළත් කර තිබුණි.

 

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ කිතුල් ගසක තිබූ දෙබර කූඩුවකට උකුස්සකු පහරදී එහි කොටසක් කඩාගෙන යෑමේදී ඉන් කැබැල්ලක් ගමන් කරමින් සිටි දරුවාගේ ඇඟට කඩාවැටීමෙන් මෙම දෙරබ දෂ්ට කිරීම සිදුවී ඇති බවය.

Related posts

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැ

Mohamed Dilsad

කැළණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා

Mohamed Dilsad

හිටපු ජනපතිගේ වියදම් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment