විදෙස්

කාම්බෝජයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයා නිවාස අඩස්සියට

කාම්බෝජයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයාව වසර 27ක් සඳහා නිවාස අඩස්සියේ තබන ලෙස නියෝගකර තිබේ.

 

ඔහුට එරෙහිව දේශද්‍රෝහී චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

කාම්බෝජයේ “ජාතික බේරාගැනීමේ පක්ෂයේ” නායකයා වූ කෙම් සෝඛා ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීම හෝ ඡන්දය භාවිත කිරීමද තහනම් ය.

 

ඔහුගේ දේශපාලන පක්ෂය ද තහනම් කර තිබේ.

 

විදෙස් බලවතුන් සමග එක්ව අග්‍රාමාත්‍ය හුන් සෙන් ගේ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව සඳහන් ය.

 

හුන් සෙන් ලොව වැඩිම කාලයක් බලයේ සිටින ඒකාධිපති පාලකයෙකි. ඔහු 1985 සිට කාම්බෝජය පාලනය කරයි.

Related posts

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

කොරෝනා පිළිබඳ නවතම හෙළිදරව්ව

Mohamed Dilsad

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

Leave a Comment