විදෙස්

කොරෝනා පිළිබඳ නවතම හෙළිදරව්ව

(UTV |බ්‍රිතාන්‍ය) – කොවිඩ් 19 වෛරසය පිලිබඳ සිදු කළ නවතම පර්යේෂණයකදී හෙළිව ඇත්තේ රෝගියකුගේ සිරුරින් වෛරසය මුළුමනින්ම ඉවත්වීම සඳහා මාසයක පමණ කාලයක් ගත වන බවයි.

මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත.

එහිදී රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1,162කු යොදාගෙන කළ PCR පරීක්ෂණ මත එම නිගමනයට එළඹ තිබේ.

මේ සම්බන්ධයෙන් කළ පර්යේෂණ තොරතුරු බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක දැක්වේ.

ඒ අනුව, එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන PCR පරික්ෂාවක් අනුව බව එම සඟරාවේ පළ කළ ලිපියක දැක්වේ.

Related posts

විකිරණ බලපෑමෙන් පුස්ගලයෙකු මරුට

Mohamed Dilsad

චාල්ස් රජුගෙන් ලෝක නායකයන්ට භෝජන සංග්‍රහයක්

Mohamed Dilsad

උතුරු කොරියාව දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment