දේශීය

ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා – වසන්ත මුදලිගේ

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (23) පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු පිරිස අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරුණි.

 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු 62 දෙනා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

 

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිමිවරු ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවයක නිරත විය.

 

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසාදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පැවති මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද එක්වී සිටියේය.

 

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 64 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

 

අත්අඩංගුවට පත්වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස අතර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද සිට ඇති අතර ඔවුන් ඊයේ රාත්‍රියේ මුදාහැරීමට පොලීසිය කටයුතු කර තිබුණි.

 

සෙසු පිරිස ඊයේ රාත්‍රියේ මිරිහාන, තලංගම ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක රඳවා තබා තිබේ.

 

මේ අතර අධිකරණ සංකිර්ණයේ සිට බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යමින් සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙලෙස සඳහන් කළේය,

 

“ආණ්ඩුව යුක්තිය මෙහෙම නම් දෙන්නේ.. රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැත්නම්.. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.”

Related posts

එජාප විශේෂ විශේෂ සාකච්ඡාවක් සිරිකොතේදී

Mohamed Dilsad

අතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

කුඩු සහ අවි තොගයක් සමඟ ‘රවිහංසි’ ඉන්දියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment