දේශීය

නීතිවිරෝධීව වාහන අමතර කොටස් ගෙන්වුවොත් වෙන දේ

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී අද (20) සිදුකෙරුණි.

 

එම අමතර කොටස් වෙළෙඳපොළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බව රේගුව සඳහන් කළේය.

 

එම වාහන අමතර කොටස් පසුගිය වසර 5ක කාලය තුළ නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ ඒවා බව වාර්තා වෙයි.

 

නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ වාහන බඳ කොටස් සහ අමතර කොටස් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ ගබඩාවල තැන්පත් කර තිබුණි.

 

ඉන් කොටස් 100ක පමණ ප්‍රමාණයක් අද විනාශ කරනු ලැබීය.

 

එම අමතර කොටස් භාවිතයට නුසුදුසු බැවින් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.

 

ඒ අනුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් එම අමතර කොටස් තොගය විනාශ කරනු ලැබීය.

 

රේගු අධ්‍යක්ෂ ආදායම් (අධීක්ෂණ බලකාය) ඩී.බී.එන්.සමරතුංග මහතා,

 

“අපි මෙතනදි අපේක්ෂිත ප්‍රධාන අරමුණ කිහිපයක් තියෙනවා. පළමු එක තමයි මහජන ආරක්ෂාව සැලසීම, දෙවැනි එක වශයෙන් වන්නේ අපේ ගබඩා හිස්කර ගැනීම ඉන් අනතුරුව ලැබෙන සියලු ආදායම රාජ්‍ය ආදායමට බැර කිරීම ප්‍රයෝජනයට ගත හැකි සියලුම කොටස් අපි ගලවා වෙන්කෙරුවා. ඒවා අපි ටෙන්ඩර් සේල් එකේ විකුණනවා. ඒ ආදායමත් අපි රාජ්‍ය ආදායමට බැර කරනවා. මෙවැනි දේවල් ගෙන්වුවොත් කිසිම ලෙසකින් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරන්නේ නැහැ.”

Related posts

මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවසටම

Mohamed Dilsad

ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment