දේශීය

ජනරජ පෙරහැර අද පස්වරුවේ

75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය.

 

පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා මත ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල නිළමේවරුන් ඒකරාශීව පෙරහැර පවත්වයි.

 

පෙරහැර නැරඹීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

 

පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා සඳහන් කළේය.

 

 

Related posts

ජපානයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (27) 

Editor O

පාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

IMF වැඩසටහනකට මාස දෙකකින් මූලික එකඟත්වයක්

Mohamed Dilsad

Leave a Comment