දේශීය

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

(UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් සිදුකරන රසායනාගාර වාර්තාව අද (27) පස්වරු 5 වනවිට තමන් වෙත ලැබීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායාමේ සිද්ධීන් පිළිබඳව සමාජය තුළ හටගෙන ඇති ආන්දෝලනාත්මක තත්වය පිළිබඳව අවධානය යොමුකර ගෑස් සමාගම් දෙකෙහිම සාම්පල ඛණිජතෙල් නීතිගත සංස්ථාව හරහා රසායනාගර පරික්ෂණයක් සඳහා යොමුකළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ගෑස් සිලින්ඩර අනතුරු සෑම රටක සිදුවන බවත් ශ්‍රී ලංකාවේ සෑම වසරකම එවැනි අනතුරු 10ත් 20ත් අතර සංඛ්‍යාවක් වාර්තාවන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නා.

Related posts

මෙක්සිකොවේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

Editor O

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

Editor O

රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment