දේශීය

රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මේ වන විට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.

එසේම එම රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායනයකට ලක්විය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්න

Mohamed Dilsad

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙක් ව ඝාතනය කළ සැකකරු අල්ලයි

Mohamed Dilsad

තාවකාලිකව නතර කර තිබූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment