දේශීය

මෙහෙමත් අපරාධයක්

දින හතක් වයසැති බිලිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

පයාගල හල්කඳවිල කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඝාතනයට ලක්වූ බිලිඳිය ඇය දාව උපන් නිවුන් දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය බවද පොලීසිය කියයි.

 

ඉකුත් 15 වනදා එම බිලිඳිය ඇඳෙන් වැටී අනතුරට ලක්වූ බව පවසා කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

 

කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

 

සැකකාරිය අවස්ථා තුනකදී දැරියව පොළොවේ ගසා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

Related posts

කොවිඩ් මරණ 617 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පළාත් 5ක ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

රට පුරා මිල්කෝ කිරි අළෙවිසැල් 300ක් පිහිටුවීමේ සැලැස්මක්

Editor O

Leave a Comment