දේශීය

අධිවේගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

 

ඊයේ (14) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

පින්නදූව දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් නිසා අධික දුමාරයක් පිටවීම හේතුවෙන් ලොරි රථය මාර්ගය අයිනේ නවතා එහි රියදුරු විසින් රථය පරීක්ෂා කරමින් සිට ඇත.

 

එහිදී කොට්ටාව දෙසටම ධාවනය වූ මෝටර් රථයක් නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

මෝටර් රථයේ රියදුරු, ඔහුගේ පියා, බාප්පා සහ නැන්දා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පියා සහ බාප්පා මියගොස් ඇත.

 

එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 75ක් හා අවුරුදු 70ක් වූ ප්‍රධාන පාර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

මෘත ශරීර නාගොඩ රෝහලේ තබා ඇත.

Related posts

අද විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

” අපි වෙනුවෙන් අපි ” අජිත් නිවාඩ් කබ්රාල් අරමුදලේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

Mohamed Dilsad

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment