දේශීය

අධිවේගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

 

ඊයේ (14) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

පින්නදූව දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් නිසා අධික දුමාරයක් පිටවීම හේතුවෙන් ලොරි රථය මාර්ගය අයිනේ නවතා එහි රියදුරු විසින් රථය පරීක්ෂා කරමින් සිට ඇත.

 

එහිදී කොට්ටාව දෙසටම ධාවනය වූ මෝටර් රථයක් නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

මෝටර් රථයේ රියදුරු, ඔහුගේ පියා, බාප්පා සහ නැන්දා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පියා සහ බාප්පා මියගොස් ඇත.

 

එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 75ක් හා අවුරුදු 70ක් වූ ප්‍රධාන පාර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

මෘත ශරීර නාගොඩ රෝහලේ තබා ඇත.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

උපාධිධාරීන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment