දේශීය

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

(UTV | කොළඹ) – චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ (14) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මොහු දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇත.

මෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර සිටියේ යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, තොරතුරු තාක්‍ෂණය සහ බලශක්තිය ආදී ක්ෂේත්‍ර පිළිබඳ ආර්ථික සහයෝගිතාවය සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන අංශ වූ බවයි.

Related posts

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අය

Mohamed Dilsad

රග්බි ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

ඕමන්තේදී හමුදා සාමාජිකයින් දෙදෙනෙකු යට කළ කැබ් රථයේ පළා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment