දේශීය

ඕමන්තේදී හමුදා සාමාජිකයින් දෙදෙනෙකු යට කළ කැබ් රථයේ පළා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම්

(UTV | වව්නියාව) – වව්නියාව, ඕමන්තේ මුරපොළේ රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු යට කර පළා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ. තුවාල ලැබූ එම හමුදා සාමාජිකයින් දෙදෙනා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

ඊයේ පස්වරු 5.30 ත් 6.00 ත් අතර කාලයේදී ඕමන්තේ මුරපොළ අසළදී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ කැබ් රථයක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් යට කර කැබ් රථය ධාවනය කර තිබේ.

අනතුරික් එක් හමුදා සාමාජිකයෙකුගේ දෙපා දැඩි ලෙස තුවාල වී ඇති අතර අනෙක් සාමාජිකයාගේ හිසට තුවාල සිදුව ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බුරුත කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ කැබ් රථය මීටර් 20 ක් පමණ දුරට ගොස් නතර වී ඇති අතර සැකකරුවන් පළා ගොස් තිබේ.

Related posts

ශ්‍රීලනිප විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

Mohamed Dilsad

අධිවේගී මාර්ගත් වසා දැමේ

Mohamed Dilsad

මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment