දේශීය

අභිරහස් මරණයක් – දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මහනුවර දුම්රිය නිල නිවාසයකට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.

 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සැකපිට දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

අප වාර්තාකරු පැවසුවේ, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා පසුගිය 13 වෙනිදා දුම්රිය නිල නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ දී නිවසේ සිටි තරුණියන් දෙදෙනෙක් බියට පත්ව කෑ ගසා ඇති බවය.

 

පසුව එම හඬ ඇසී එම ස්ථානයට පැමිණි දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු කළ පහරදීමෙන් නිවසට ඇතළුවීමට උත්සාහ කළ පුද්ගලයා ඇදවැටී තුවාල ලබා රෝහල්ගත කළ බවට ලද තොරතුරු මත පොලීසිය විසින් දුම්රිය නියාමකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

 

සැකකරුවන් පවසා ඇත්තේ, තමන් මියගිය පුද්ගලයාට පහර නොදුන් බවත් ඔහු නිල නවසේ ඉහළ මහළින් ඇදවැටී තුවාල ලැබූ බවත්ය.

 

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් අපරාධ විමර්ශන අංශයට භාර දී තිබේ.

 

 

Related posts

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

අධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්

Editor O

Leave a Comment