දේශීය

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ දුරකථන සංඥා කුලුනක සංඥා ලබාගැනීම සඳහා උපයෝගී කර ගන්නා බැටරි 08ක් සොරකම් කරන ලද පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම බැටරිවල වටිනාකම රුපියල් ලක්ෂ 04කට අධික බව පොලීසිය පවසයි.

 

සැකකරු ඊයේ (31) උදෑසන කාලයේදී සොරකම්කරන ලද බැටරි 08ට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වීරකැටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු ඊයේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය සහ බෙලිඅත්ත පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දළඳා මාළිගාවටත්, කතරගම පෙරහරටත්, පාර්ලිමේන්තුවටත් බෝම්බ ගහපු අය දළඳා ප්‍රදර්ශනයක් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි ගුවන් සේවිකාවගේ ඉල්ලීම අධිකරණයේදී පුතික්ෂේප වෙයි….

Editor O

පළාත් පාලන ආයතන 178ක සභාපති සහ උපසභාපති පත්කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරුන්ට

Editor O

Leave a Comment