දේශීය

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

දළදා වහන්සේ පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සේපාල් අමරසිංහ සූදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) දැනුම් දුන්නේය.

 

සැකකරු පෙබරවාරි 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

 

මහනුවර ශ්‍රී දළදා මාළිගය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් සේපාල් අමරසිංහ නැමැත්තා ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

 

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරු තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමට සූදානම් බවය.

 

මේ පිළිබඳව තමා නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.

 

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුගේ කටහඬ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සැකකරුව ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

 

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෙබරවාරි මස දෙවැනි දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

 

ඉන් අනතුරුව සැකකරු ලබන 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියම කළේය.

 

 

Related posts

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

Mohamed Dilsad

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් රජයේ පාසල් මැයි 05 සහ 06 දෙදින නිවාඩු

Editor O

Leave a Comment