Trending News

යතුරුපැදියක් ගිලන්රථයක ගැටෙයි

සුවසැරිය ගිලන්රථයක යතුරුපැදියක් ගැටීමෙන් හිටපු ග්‍රාම නිලධාරිවයෙකු සහ පස් හැවිරිදි ගැහැනු දරුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

 

නවගත්තේගම – කිරිමැටියාව ප්‍රදේශයේ දී අවමඟුල් උත්සවයකට සහභාගීවීම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් 74 හැවිරිදි හිටපු ග්‍රාම නිලධාරිවරයෙකු සහ ඥාති දියණියකගේ පස් හැවිරිදි දැරියක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

 

යතුරුපැදිකරු නවගත්තේගම සිට ගල්ගමුව දෙසට ගොස් නැවත නවගත්තේගම දෙසට යතුරුපැදිය හැරවීමට යාමේදී ආනමඩුවේ සිට ගල්ගමුව දෙසට ගමන් කරමින් තිබූ සුවසැරිය ගිලන්රථයේ ගැටී තිබේ.

 

එම ගිලන්රථයේ ද රෝගියෙකු සිට ඇතැයි අප වාර්තාකරු පැවසීය.

 

යතුරු පැදිකරුගේ තත්ත්වය බරපතළ බැවින් ගල්ගමුව මූලික රෝහලේ සිට අනුරාධපුර ශික්ශණ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු සිදුකරන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

 

ගිලන් රථයේ රියදුරු ද අනතුරෙන් තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පස් හැවිරිදි දියණිය ද ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

 

අනතුර සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

Editor O

பேஸ்புக் நிறுவன ஊழியர்கள் சிங்கள மொழி கற்க வேண்டும்

Mohamed Dilsad

Lanka IOC increases fuel prices

Mohamed Dilsad

Leave a Comment