දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී දුම්රිය එංජිමක් පීලිපැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම කළුතර දුම්රිය ස්ථානය අසලින් අඩපණවී තිබේ.

 

මෙම දුම්රිය දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගමන් ගන්නා දුම්රියකි.

 

දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී එම දුම්රියේ එංජිම මාරු කිරීම සඳහා මරදාන දෙසට ගමන් ගත් මොහොතේදී මෙම පීලි පැනීම සිදුවී තිබේ.

 

මේ නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කිහිපයකටම හානිවී ඇත.

 

දුම්රිය එංජිම එම ස්ථානයේ හරස්වීම නිසා ඒ අසලින් කිසිදු දුම්රියක් ධාවනය කිරීමට නොහැකිවී තිබේ.

 

ගාල්ල සිට පැමිණෙන දුම්රියන් ද දකුණු කළුතර දුම්රිය ස්ථානයට පමණක් සීමාවී තිබේ.

 

 

Related posts

ජාතික ආරක්ෂාව උදෙසා විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

Editor O

නව සාමාජිකයින් සමඟ මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment