දේශීය

නව සාමාජිකයින් සමඟ මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද ඇරඹේ

(UTV |කොළඹ) – නව සාමාජිකයින් පත් කිරීමෙන් පසු මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ කෙරේ.

ජනාධිපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළ කොමිෂන් සභා සඳහා පසුගියදා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමි වූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාද තවත් සාමාජිකයින් සිව් දෙනෙකුද මැතිවරණ කොමිෂන් සභාවට පත් කෙරුණි.

එම්.එම් මොහොමඩ්, එස්.බී දිවාරත්න, කේ.පී.පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

මේ අතර පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මීට අමතරව සිරිසේන ලියනගම, ප්‍රියන්ත සංජීව, එන්.එස්.එම් සංසුදීන්, එන්.සී පේමසිරි පෙරේරා, පී.බී පරමේෂ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

ඒ අනුව අද උදෑසන 10.00 ට මෙම සාමාජිකයින් වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට වෙන්න යන දේ

Editor O

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

Mohamed Dilsad

Leave a Comment