දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී දුම්රිය එංජිමක් පීලිපැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම කළුතර දුම්රිය ස්ථානය අසලින් අඩපණවී තිබේ.

 

මෙම දුම්රිය දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගමන් ගන්නා දුම්රියකි.

 

දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී එම දුම්රියේ එංජිම මාරු කිරීම සඳහා මරදාන දෙසට ගමන් ගත් මොහොතේදී මෙම පීලි පැනීම සිදුවී තිබේ.

 

මේ නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කිහිපයකටම හානිවී ඇත.

 

දුම්රිය එංජිම එම ස්ථානයේ හරස්වීම නිසා ඒ අසලින් කිසිදු දුම්රියක් ධාවනය කිරීමට නොහැකිවී තිබේ.

 

ගාල්ල සිට පැමිණෙන දුම්රියන් ද දකුණු කළුතර දුම්රිය ස්ථානයට පමණක් සීමාවී තිබේ.

 

 

Related posts

හිටපු ඇමති ⁣ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 ක් යළි රිමාන්ඩ්

Editor O

විදේශීයන්හි සිටින්නන්ට මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ ගිණුමක්

Mohamed Dilsad

දියේ ගිලීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment